Monday, August 9, 2010

පුන‍රාගමනය

මාස ගානක් ඇනහිටල තිබුන මගේ බ්ලොග් එක ආයේ පටන් ගන්න ඕනෙ කියල හිතුව.එහෙම හිතලත් මාසයක් විතර යනකන් කිසිම පෝස්ට් එකක් ලියා ගන්න බැරි උනා.මෙහෙ ගෙවන ‍ටිකක් දුෂ්කර ජී‍විතෙත් එක්ක පෝස්ට් ලියන එක ටිකක් විතර අමාරුයි.ඇත්තම කියනවනම් මගේ කම්මැලිකමත් ටිකක් විතර මේකට බලපෑව.මොන වැඩේ කරන්නත් මූඩ් එක හරියට තියෙන්නත් එපෑ.ඉතිං මේ පොස්ට් එකට පුනරාගමනය කියල නම දැම්මට ඒක බර වැඩිද මන්ද.කොහොම උනත් නැවත සැරයක් අලුතෙන් බ්ලොග් එක පටන් ගන්න එකට ප්රවේශයක් විදියට තමයි නම දැම්මේ.ඉක්මනින් හොද පෝස්ට් එකක් දාන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්

Thursday, April 22, 2010

Laptop එකක් ගන්නවනම් මෙන්න උපදෙස් ටිකක්

ලැප්ටොප් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවද?එහෙනම් මේ පෝසට් එක කියවල බලන්නකෝ.මම ලැප්ටොප් ගැන මහා ගොඩක් දන්නේ නම් නෑ හැබැයි දන්න ටිකෙන් ලැප් එකක් ගන්න බලා පොරොත්තු වෙන කෙනෙකුට උපදෙසක් දෙන්න පුලුවන් වෙයි කියල මම හිතනවා.ඇත්තම කියන්නම්කෝ ලංකාවෙදි නම් මම ලැප් එකක් දහ පාරකට වඩා පාවිච්චි කරලා තිබුනේ නෑ.හැබැයි මෙහෙ ආවට පස්සෙ ඒක වෙනස් උනා.මෙහෙ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ ලැප් ‍ටොප්,කොටින්ම කියනවනම් අවුරුදු 12-15 ව්තර ඉදලා ගොඩක් දෙනෙක් ලැප් තමයි .හැබැයි ඉතින් මෙයාලා ඒකෙන් ගන්න එකම වැඩේ තමයි චැට් කරන එක windows live massenger ඇ‍‍රුනම එයිට වැඩිය දෙයක් ගැන දන්න කෙනෙක් හිටියොත් ඒ 10% විතර තමයි.මගේ ප්‍රධාන රැකියාවට අමතරව මම තව part time job එකක් කරනවා.ඒ Computer shop එකක.මෙතෙන්ට 90% ක්ම රෙපෙයාර් වලට ගේන්නෙ ලැප‍් තමයි.මේ පින්තූරේ මම වැඩකරන shop එකේ ගත්තු එකක්. දවසකට ලැප් කීයක් රෙපෙයාර් එනවද කියල දැක්කම හිතාගන්න පුලුවන්නේ.හැබැයි 95% විතර software කේස් තමයි.



දවසකට අපි ලැප් 12-15 විතර ‍ෆෝමැට් කරනවා‍.ඒ අතරේ Display,Ram,Keybord,Hard disk ප්‍රශ්න තියෙන ඒවත් එනවා.මෙහෙ මේ පාට්ස් වල ගානත් මම කියන්නම්කෝ.ලංකාවේ ගානත් එක්ක සංසන්දනය කරල බලන්නකෝ
Display Panel එක සාමන්‍යයෙන් සවුදි රියාල් 400-450 ලංකාවෙ මුදලින් රු.12000 - 13500 ක් විතර
Ram-2Gb සවුදි රියාල් 185 ක් (රු 5500 ක්)පමණ
Keybord සවුදි රියාල් 150ක්(රු 4500 ක් )පමණ
Hard disk 250Gb රියාල් 180 / 320Gb රියාල් 250 ලංකාවේ මුදලින රු 5500,රු 7500ක් පමණ තමයි වෙන්නේ
මේ ගනන් කිව්වේ ඔයාලට ‍දල අදහසක් ගන්නයි
ලංකාවේ නම් මම හිතන්නෙ ලැප්ටොප් ස්පෙයා පාට්ස් මේ ගානට ගන්න තියා හිතන්නවත් බෑ මම හිතන්නේ
හරි අපි ‍ආපහු මාතෘකාවට එමුකෝ.මම දන්න විදියට නම් දැනට මෙහෙ භාවිතා වෙන අල්ත්ම ප්‍රොසෙසර් එක තමයි Core i7
මම මේ දක්වලා තියෙන්නේ core i7 ප්‍රොසෙසර් එක සහිත අලුත්ම ලැප් එකක කන්ෆිගරේෂන් එක
Sony VAIO Laptop with Intel Core i7 (VPCF115FM/B)

Intel Core i7 (720QM) 1.6GHz
64-bit CPU with 6 MB of Intel SmartCache (L3) and built using a 45 nm process.
6 GB of DDR3 RAM (expandability up to 8 GB.)
16.4″ high-definition widescreen display with 1920 x 1080 resolution
Blu-ray Disc-enabled DVD±RW/CD-RW
NVIDIA GeForce GT 330M graphics which eatures 1GB dedicated video memory and up to 3831MB total available video memory (using shared).
A 500 GB Serial ATA (SATA) hard drive

මම හිතන විදියට මේ කන්ෆිගරේෂන් එක තියෙන sony brand එකේ ලැප් එකක් මෙහෙ මුදලින SR 6000-7000 ක් විතර
වෙනවා.ලංකාවේ මුදලින් නම් රු 180000ක් 210000ක් විතර මුදලක් සාමාන්‍ය කෙනෙකුට නම් ටිකක් දරන්න අමාරුයි.මේක මෙහෙ
වෙළද පොලේ වටිනා කමනේ.ලංකාවෙ නම් මේ මුදලට ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.හරි අපි මේක ටිකක් අමතක කරමුකෝ.
මම කියන්න හදපු දේ කියන්නම්කෝ.තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට ආර්ථිකයට ගැලපෙන configuartion එකක් තෝරගන්න එක
තමන්ගේ වැඩක්.
ඉතින් මට තියෙන අත්දැකීම් වල විදියටනම් දැනට මට හම්බවෙලා තියෙන හොදම brand එක තමයි sony හැබැයි ඉතින් මිල
නම් අධිකයි.මිල අධික උනාට ගින්දර වගේ තමයි
ඊලගට Toshiba මේකත් sony වගේම තමයි.හැබැයි මිල ටිකක් දරන්න පුලුවන්.
HP මේ 2 පස්සෙ තියෙන තවත් හොද brand එකක් හැබැයි මම දන්න විදියට ටිකක් ලෙඩ දෙන්න බලනවා.වි‍ශේෂයෙන් ඩ්‍රයිවර් හොයා ගන්න
ගියාම තමයි එපා වෙන‍්නේ.
Dell,Acer,Asus,LG මේ ඔක්කොම එකම මට්ටමේ තමයි තියෙන්නේ.Fujitsu Siemense හොදයි නමුත් හොද කන්ෆිගරේෂන්
එකක් තෝරාගන්න ඕනේ.දැන්නම් අලුත් අලුත් company ගොඩක් අලුතෙන් ලැප්ටොප් Market එකට දාලා තියෙනවා.අලුත් කිව්වට අලුත්මත්
නෑ නම් විතරයි අලුත වෙලා තියෙන්නේ මේ විදියට අලුතෙන් ආපු බ්‍රෑන්ඩ් 2ක් තමයි E-mashine (Acer) සහ Packard bel
මොන brand එකෙන් ගත්තත් කමක් නෑ. මෙතෙන්දි වැදගත්ම දේ තමයි තමන්ගේ අවශ්‍යතාවය.සාමාන්‍ය විදියට e-mail, Internet සහ
office වැනි මෘදුකාංග පමණක් භාවිතා කරන කෙනෙකුට නම් celerone ප්‍රොසෙසරයක් සහිත උනත් කමක් නෑ.ඒත් ඊට වඩා වැඩි අවශ්‍යතාවයන් ‍
වෙනුවෙන් උදාහරණ විදියට කියනවානම් බහුමාධ්‍ය ,ත්‍රිමාණ සජීවීකරණ වැනි වඩාත් වැඩි ධාරිතාවක් සහිත මෘදුකාංග භාවිතා කිරීමට අවශ්‍යනම් වඩාත් වැඩි මතකයක්
සහ වඩාත් වැඩි වේගයක් සහිත (උදා.Intel Core2duo,core2quad වැනි) processor එකක් සහ වැඩි මතකයක් සහිත (3GB)එකක්
තෝරා ගැනීම වඩාත් සුදුසුයි.මීට අමතරව තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට අවශ්‍ය ධාරිතාව සහිත හාඩ් ඩිසක් එකක් සහ display එකෙහි ප්‍රමාණය ඔබ තීරණය
යුතුයි.
කොහොම උනත් මම නම් ගන්න කෙනෙකුට අනුමත කරන්නේ Toshiba තමයි.වැඩි මුදලක් වියදම් කරන්න පුලුවන්නම් Sony එකක් ගන්න එක තමයි වඩා
හොද.නමුත් මම පොදුවේ කිව්වේ මිල ටිකක් ඉහල උනාට Toshiba හොදටම හොදයි.(හැබැයි මහ ලොකුවට කයිය ගැහුවට මම පාවිච්චි කරන්නෙත් Acer
එකක් .ඒකත් AMD Processor එකක් තියෙන්නේ.හැබැයි කියන්න තරම් වරදක් නෑ.කොහොමත් celerone එකට වඩා AMD ප්‍රොසෙසර් එක හොදයි)
Toshiba එකත් Intell Pentium processor එකක් තියෙන එක ගන්න.
ඉතින් මම දන්න දේ ඔන්න ලිව්වා.මේක දල අදහසක් විතරයි.ඔයා‍ල‍ගේ අදහසත් මට කියන්නකෝ

Monday, April 19, 2010

මන්ද අනාවරණය under expose Photoshop ඇසුරින් නිවැරදි කර ගනිමු

අලුත් පෝසට් එකක් ලියන්න ඕනෙ කියල හිතුවට ලියන්න හොද දෙයක් ලැබුනේ නෑ.ඉතින කවුරුත් දන්න Photoshop වලින් ගන්න පුලුවන් පොඩි ප්‍රයෝජනවත් වැඩක් ගැන ලියන්න හිතුනා.අපි බොහෝ දෙනෙක් photoshop ගැන නම් දන්නවානේ.ඒත් බලන්නකෝ මේකත් ප්‍රයෝජනවත් වෙයි.
අද ගොඩක් දෙනෙක් Digital Camera ,එහෙමත් නැත්නම් Camera phone වලින් ඡායාරූප ගන්නවා.හැබැයි ‍ගොඩක් දුරට මේ පින්තූර වල contrast brigtness අඩුයි Photography කරන අය නම් දන්නවා මේකට කියන්නේ මන්ද අණාවරනය එහෙමත් නැත්නම් අන්ඩර් එක්ස්පෝස් කියලා.photoshop වල තියෙන adjusment වලිනුත් මේක හදාගන්න ටිකක් අමාරුයි.හැබැයි අපට මේක නිවැරදි කරගන්න පොඩි ක්‍රමයක් තියන‍වා.මේකෙදි මම photoshop cs2 වලින් මේක කර ගන්න හැටි කියල දෙන්නම්.CS3 තවමත් මට ගොඩක් පාවිච්චි කරන්න ලැබුනේ නැහැ.මොකද මෙහෙට ආවට පස්සේ මට graphic වලට කාලය වැඩිය යොදන්න බැරි උනා.මම මොනවා හරි අවශ්‍යතාවයක් ආවොත් දැනටත් CS2 තමයි භාවිතා කරන්නේ.CS3 වලත් මේ ක්‍රමයේ වැඩි වෙනසක් නෑ මම හිතන්නේ.
මුලින්ම ඔබට අවශ්‍ය පින්තූරය Photoshop වලින් open කරගන්න.ඉන්පසු ලේයර් පැලට් එක වෙත ගොස් එහි duplicate copy එකක් ලබාගන්න.




ඉන්පසු මෙහි ඇති ඔප්ෂන් වලින් screen යන ඔප්ෂන් එක තෝරන්න



ඉන් පසු ඔබට එම පිනතූරයෙහි සිදුවන වෙනස බලා ගත හැකිය.



මෙහිදී අධික ලෙස අණාවරනය වැඩි වේ නම්,එනම් අධි අනාවරණ over exporse වූ පින්තූරයක ආකාරය ගනීනම් එම ලේය‍රයෙහි opacity එක අඩක් දක්වා අඩුකරන්න.තව දුරටත් අවශ්‍යනම් තවත් එනම් 25% පමන දක්වා ඔබට අවශ්‍ය ප්‍රතිපලය ලැබෙන තුරු එහි opacity එක වෙනස් කරගන්න.
ඉන්පසු මෙම duplicate layer එක merge down කර තනි ලේයරයක් බවට පත්කර ගන්න. මින් පසු මෙම ඡායාරූපයෙහි තවත් නිවැරදි කරගැනීම සදහා පහත දැකවෙන වෙනස් කම් සිදු කරන්න.මෙමගින් ඔබට මෙම ඡා‍යාරූපයෙහි brightness සහ sharpness ද මදක් වැඩි කර හොද පෙනුමක් ලබා ගත හැක.
මෙහිදී නැවතත් මුල් ආකාරයටම ඔබ ‍තනි ලේයරයක් බවට පත් කර ගත් ඉමේජ් එකෙහි ඩුප්ලිකේට් කොපි එකක් ලබා ගන්න.ඉන්පසු කලින් ආකාරයටම ඔප්ෂන් වලට ගොස් soft light යන ඔප්ෂන් එක තෝරන්න.එහි opacity එක 25% පමණ යොදන්න නමුත් මෙහිදී ඔබ භාවිතා කරන ඡායාරූපයෙ ස්වභාවය අනුව මෙම ප්‍රමාණය වෙනස් වේ අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන තුරු opacity එක වෙනස් කර සියලුම ලේයර තනි ලේයරයක් බවට පත් කර ගන්න එනම් merge down කර ගන්න.
ඉන්පසු ඔබට අවශ්‍ය format එකකට මෙම ඡායාරූපය සේව් කරගන්න. මෙහිදී මා භාවිතා කලේ Nokia N79 එකකින් ගන්නා ලද ඡායාරූපයකි මේ ආකාරයට සිදු කල පසු එහි වෙනස බලන්න


Saturday, April 17, 2010

CD නොමැතිව WINDOWS Install කරන‍‍්නෙ මෙහෙමයි.

කලින ලියපු පෝස්ට් වලට ප්‍රතිචාර කිහිපයක් ලැබිල තිබුන.ඒ ‍හැමෝටම ස්තූතිය.තවත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතුන දෙයක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක නම් කිහිප වරයි අත්හදා බැලුවේ.සමහර අවස්ථාවල හරියට වැඩකලත් තවත් අවස්ථාවල වැරදුනා.උත්සහ කරලම බලන්න.
මේකෙදි කරන්නේ අපි හැමෝම දන්න CD වෙනුවට USB flash disk එකක් භාවිතා කරන එකයි.හැබැයි මේ flash disk එක ප්‍රථමයෙන් මේ සදහා හැඩසවා ගන්න එහෙමත් නැත්නම් ෆෝමැට් කර ගන්න වෙනවා.මෙහිදී මා දන්න විදියට නම් කරන්නෙ flash drive එක bootable disk එකක් විදියට සකස් කරන එකයි.මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ netbook computer පාවිච්චි කරන අයට තමයි. මොකද සියලුම netbook එන්නෙ cd rom නැතිවයි.හැබැයි ප්‍රථමයෙන් cd rom සහිත පරිගනකයක සහය මේකට ලබා ගන්න වෙනවා.මොකද XP CD එකේ සියලුම දත්ත මේ flash එකට කොපි කරන්න අපට සිද්ධ වෙනවා. XP විතරක් නෙමෙයි වින්ඩෝස් 7 මේ විදියට ඉන්ස‍්ටෝල් කරන්න පුලුවන් මම දන්න විදිහට නම්.හැබැයි මම අත්හදා බලල නම් නෑ.මුලින්ම මේ වෙනුවෙන් 4GB පමන ෆ්ලෑෂ් එකක් හොයාගන්න ඉන් පස්සේ මම පහත දක්වලා තියන ලින්ක් එක හරහා ගිහින් තියෙන උපදෙස් පිලිපදින්න.මේකත් තව බ්ලොග් සයි‍‍ට් එකක්.හැබැයි අවශ්‍ය සියලුම පියවරවල් එහි දක්වලා තියෙනවාපින්තූරත එක්කම.මෙන්න ලින්ක් එක.
http://komku.blogspot.com/2008/11/install-windows-xp-using-usb-flash-disk.html
ඔයාලගෙ අත්දැකීම් මට දන්වන්නකො අවශ්‍ය උනොත් මේ ගැන තව මම දන්න තොරතුරු ඉදිරියේදි තව පෝස්ට් එකකින් ලියන්නම්කෝ

Friday, April 16, 2010

පරිඝණකයේ password එක නැතිවෙලාද ‍? මෙන්න විසදුම

ඔබගේ පරිඝණකයේ password එක අමතක වෙලාද නැතිනම් එය ක්‍රියාත්මක වෙන‍්නෙ නැද්ද.බොහෝවිට මෙය user password නම් ඔබ administrator password එක දන්නවනම් ඔබට පාස් වර්ඩ් එක රිසෙට් කරන්න පුලුවන්.ඒත් administrator pasword එක නැති වුනොත් නම් ඒක ලොකු ගැටලුවක්.මම කලින් පෝසට් එකේ කිව්වා වගේ ‍මේ ‍මෘදුකාංගයත් saudi arbia වලට ආවට පස්සේ තමයි මම පාවිචිචියට ගත්තේ.සමහර විට ඔබ දන්නවා ඇති අපි පරිගණකයකට අවසර පදයක් යෙදුවම එය තැන්පත් වෙන්නේ

\Windows\System32\Config\sam කියන ගොනුව තුලයි.ඉතින් මම කියන මේ මෘදුකාංගය මගින් කරන්නේ මේ සෑම් ෆයිල් එක සොයාගෙන එය reset කරන එකයි.මේක run වෙන්නේ ‍dos mode එකේ.මෙහිදී ඔබ කල යුතු වන්නේ මෙම මෘදුකාංගය cd එකකට පිටපත් කරගෙන පරිඝණකය ‍ෆෝමැට් කරන ආකාරයට මෙම cd එක රන් කරන එකයි.ඔබට මෙම මෘදුකාංගයේ demo එකක් පහත දැක්වෙන ලින්ක් එක හරහා ගොස් බාගත කර ගත හැකිය.

http://www.password-changer.com/download.htm

මෙය demo එකක් වුවත් ඔබගේ අවශ්‍යතාවයට එය ‍ප්‍රමානවත්. ඉතින් ඔබත් අත්හදා බලන්නකෝ හැබැය් අමතක නොකර කමන්ට්ස් එකකුත් දාලා යන්න හොදද.

Thursday, April 15, 2010

ඔබ දන්න‍වාද Driver Genius Professional ගැන

මම දැන් කියන්න ය‍න්නේ තවත් ප්‍රයෝජනවත් software එකක් ගැනයි.මමනම් පාවිචිචි කරන්නේ මේකෙ පරන වර්ශන් එකක්.මම මේක ගැන දැන ගත්තෙත් saudi arabia වල සේවයට ආවට පස්සෙ තමයි.සමහර විට මේක ගැන ගොඩක් දෙනෙක් දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනේ ඒ අයට දැනගන්නත් එක්ක මම මේක ගැන කියන්නම්කෝ.
මේක ප්‍රයෝජනවත් වෙන්නේ ඔයාලගේ පරිඝනකය ‍‍ෆෝමැට් කරන අවස්ථාවෙදි තමයි.ඔබගේ පරිඝනකයේ මදර්බෝඩ් CD එකක් නොමැති නම් ෆෝමැට් කිරීමෙන් පසු ඔබට විශාල ගැටලුවකට ‍මුහුන දෙන්න වෙන‍වා.පරිඝනකයේ නියම ක්‍රියාකාරිත්වයට සියලුම උපාංග වල ඩ්‍රයිවර් නිසියාකාරව ඉන්‍ස්ටෝල් කර තිබිය යුතුය්.ඉතින් ඔබ සතුව driver cd එකක් නැත්නම් මේ මම කියන මෘදුකාංගය ඉතාමත් ප්‍රයෝජනවත්.මෙමගින් ඔබට ඔබගේ pc එකෙහි ඇති සියලුම hardware වල backup එකක් ලබා ගන්න පුලුවන්.එක වරක් මෙය backup කර ගත් පසු ඔබට එය පරිඝනකය format කරන සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගත හැකිය.ඔබගේ පරිඝනකය නිසියාකාරව ක්‍රියාත්මක වන අවස්ථාවක මෙම මෘදුකාංගය ක්‍රියාත්මක කර අදාල driver , backup කර ගන්න.අන්තර්ජාලය තුලින්ම ඔබට මෙය නොමිලේ බාගත කර ගත හැකිය download.cnet.com/Driver-Genius-Professional-Edition.../3000-2094_4-10238646.html යන ලින්ක් එක හරහාද ඔබට මෙය බාගත කර ගත හැකිය. බොහෝ දුරට මෙය ‍නිසියාකාරව ක්‍රියාත්මක වන අතර සමහර අවස්තාවලදී driver 1-2 ක් ක්‍රියාත්මක නොවන අවස්තාද ඇත.එහෙත් පොදුවේ ගත් කල මෙය ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයකි.

Friday, April 9, 2010

නොමිලේ Original Anti Virus -2

මගේ කලින් පෝසට් එකෙන් කිව්වනෙ නොමිලේ Kaspersky ඇන්ටි වයිරස් එක කොහොමද ගන්නේ කියලා. මට හිතුනා මේක ගැන තවදුරටත් විස්තර ටිකක් කිව්වොත් හොදයි කියලා.ඔයාලා මම මේ කියන විදියට මේක අත්හදා බලන්නකෝ.හැබැයි අමතක කරන්න එපා,ඔයාලගෙ අදහස් උදහස් ප්‍රතිචාර මට දන්වන්නත් .


මම මුලින් කිව්ව වගේ මේක ලබාගන්න ඔයාලට හො‍ට්මේල් එකවුන්ට් එකක් තියෙන්න ඕනේ.නැත්නම් msn සයිට් එකට ගිහින් එකක් ක්‍රියේට් කරගන්න.මට තව දෙයක් කියන්න අමතක උනා මේ key එක ලබා දෙන්නේ msn china සයිට් එකෙන් .ඉතින් මේ key එක වැඩ කරන්නෙ kaspersky chinese වර්ශන් එක එක්ක විතරයි.හැබැයි ඔබට චයිනීස් බැහැ කියල කලබල වෙන්න ඕනේ නැහැ.සාමාන්‍ය විදියට මේක ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නෙ.චයිනීස් බැරි උනාට පිළිවෙලට පියවරෙන් පියවර next බොත්තම click කරන්න විතරයි ඕනෙ.චයිනීස් උනාට Next බොත්තම (N) කියල සංකේත කරලයි තියෙන්නේ.


හ‍රි අපි දැන් වැඩේට බහිමුකෝ.මම මුලින කිව්වනේ මේක වැඩකරන්නෙ චයිනීස් වර්ශන් එක එක්ක කියල.ඉතින් ඔබට මුලින්ම මේ චයිනිස් වර්ශන් එක බාගත කරගන්න වෙන‍වා.ඒකට මේ ලිනක් එක click කරන එකයි කරන්න තියෙන්නෙ.


http://www.kaba365.com/4640000.asp


විවෘත්ත වෙන වෙබ් අඩවිය චයනිස්උනාට බිය‍ විය යුතු නැහැ.ඔබට කරන්න තියෙන්නෙ පහත රූපයේරතුපාටින් සළකුණු කර ඇති ලින්ක් එක ක්ලික් කරන එකයි.එමගින් ඔබට අදාල වර්ශන් එක බාගත කරගත හැකියි.




හරි ඊලගට මම කියන්නම් කොහොමද නොමිලේ key එක ගන‍්නේ කියල.ඒකට පහත දැක්වෙන ලිනක් එක හරහා MSN china සයිට් එකට පිවිසෙන්න.


http://kaba.msn.com.cn/


ඉන් පස්සේ අදාල වෙබ් පිටුවෙ පහත රූපයේ දැක‍්වෙන පරිදි අදාල ලින්ක් එක හරහා විවෘත්ත වන පිටුවෙන් ඔබගේ hotmail එකේ තොරතුරු ඇතුලත් කරන්න













මෙම කොටස සම්පුර්ණ කල පසු ඔබට inbox තුල kaspersky lab වෙතින් එවන ලද key එක සහිත mail එක විවෘත්ත කර ගත හැක.ඉන්පසු එම key එක භාවිතා කර ඇන්ටි වයිරස් එක inatall කර ගන්න.








නියමාකාරයෙන් මෙය install වූ පසු දින 183 වැනි ප්‍රමාණයක් වෙනුවෙන් මෙය වලංගු බව දක්වන වින්ඩෝව දිස්වනු ඇත.


ඉන්පසු මෙහි භාෂාව වෙනස් කර ගැනීමේ පියවර සලකා බලමු.මෙහිදී සිදු කල යුත්තේ “C:\Program Files\Kaspersky Lab\Kaspersky Anti-Virus 2010\Skin\loc” යන පාත් එකෙන් දැක්වෙන ගොනුව තුල ඇති 'sch' සහ 'en' යන ගොනු දෙක rename කිරීමයි.මෙහිදී sch ගොනුව en ලෙසද en නැමැති folder එක sch ලෙසද නැවත නම් කල යුතුය.මෙය windows වලදී කල නොහැකි අතර comand promt මගින් කල යුතුය.මේ සදහා ඔබගේ pc එක safe mode වලින් restart කරන්න.මෙහිදී safe mode with command promt යන ඔප්ෂන් එක‍ තෝරන්න.ඉන්පසු පහත පරිදි අදාල dos command පිය‍වරෙන් පියවර අනුගමනය කරන්න.


1.මෙය comand promt වලදී ලැබෙන පළමු වින්ඩෝවයි.








පහත highlight කර දක්වා ඇති comand පියවරෙන් පියවර අනුගමනය කරන්න



2. i) cd c:\





3.






4. cd program files\kaspersky lab\kaspersky anti-virus 2010\skin\loc




මෙම වින්ඩෝවට පිවිසි පසු ren විධානය මගින් අදාල ගොනු 2 රිනේම් කරන්න පහත දැක්වෙන විධාන ඒ සදහා යොදාගන්න.

5



i) ren en sch1

ii) ren sch en

iii) ren sch1 sch


ඉන් පසු exit විධානය බාවිතා කර ඉවත් වි ඔබගේ pc එක restart කරන්න.